සෙ ත් සිරි
දෙන මහ ගුණ මුහුදාණන්
ස ත් හට
වන බව දුකට වෙදාණන්
ති ත් ගණඳුරු
දුරලන දිනිදාණන්
සි ත් සතොසින්
නමදිම් මුනිඳාණන්
ඇ ම පමණින් පැවසූ මුනි දන තතු
මේ ම හැමදෙන
බලවයි දැක්විය යුතු
ත ම තම නැණ පමණින් දැන ගත යුතු
ම ම නමදිම් සදහම් පැහැදී සිතු
සි රි ම ත් බඹ
සිරසෙහි පා පිසිනා
සැරි යුත් මහ
මුගලන් පිළිවෙලිනා
පිළි වෙත් සරු
මහ සඟගණ සොබනා
මු දු න ත් බැඳ
නමදිමි බැති පෙමිනා
ම න ර ම් නරදම්
සැරිදම් සඟනව
මෙලෙසින් බැතියෙන්
අදරින් නම කොට
වෙසෙසින් පෙලදම්
නොම දත් දන හට
පවසම් කල
කම් පල දැන් හෙළු කොට
ද හ ම ට සැරි
කොට එළුවෙන් පෙර කී
ක වි ය ට සිත පහදා සිට නිසැ කී
සි හි කො ට කඳ පිළිවෙළ දොස් නොයෙ කී
නි ව න ට සපැමිණි සඟ සැට නම කී